මතුගම ප්‍රාදේශීය සභාව
 
   
 
 
2023 පළාත් සභා ව්‍යාපෘති
මතුගම ප්‍රාදේශීය සභාව 2024 වර්ෂය සඳහා වරිපනම් බදු පැනවීමේ ගැසට් පත්‍රය
අන්තර්ජාලීය ප්‍රාදේශීය සභාව
    බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ නිරිත දිග කෙලෙවරෙහි පිහිටි මතුගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය උතුරින් මදුරාවල හා බුලත්සිංහල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද , නැගෙනහිරෙන් අගලවත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද බටහිරින් බේරුවල හා දොඩන්ගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද මායිම්ව පවතින අතර නිරිත දිග ප්‍රදේශය වලල්ලාවිට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද සීමා වේ.
කළුතර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 8.03%ක් වන මෙම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 105ක විශාලත්වයකින් යුක්ත වන අතර ග්‍රාම සේවා වසම් 57කි.
ප්‍රධාන වශයෙන් සිංහල ජාතීන් සහ දමිළ , මුස්ලිම් ජාතීන්ද බර්ගර් සහ මැලේ ජාතිකයන් සුළු වශයෙන්ද ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරයි.
බෝග වගාවට හිතකර පාරිසරික තත්වයකින් යුක්ත මෙම බල ප්‍රදේශයේ වී , රබර් , තේ , පොල් , එළවළු හා පලතුරු වගාව බහුලව දැකිය හැකිය.
පස්දුන් කෝරලයේ