මතුගම ප්‍රාදේශීය සභාව
| ||
ලේකම්
ගරු ලේකම්තුමිය කේ.ඩබ්ලිව්.සුනේත්‍රා කාරියවසම්.
ලේකම්තුමියගේ පණිවිඩය
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස අප සභාවේ වෙබ් අඩවියට
පිවිසෙන ඔබ සාදරයෙන් පිළිගනිමි . තේ ,රබර් ,පොල් හා නිල්වන්
කුඹුරු යායන්ගෙන් සපිරි පස්දුන් කෝරළයේ අගනගරය මතුගම
නගරය පාලනය කරන මතුගම ප්‍රාදේශීය සභාව වර්ග කිලෝ මීටර
134.1 කින් සමන්විත ග්‍රාම නිලධාරී වසම් 56 කින් යුත් වපසරියකින් යුත් ප්රදේශයකි.
ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව බල ප්‍රදේශයේ ජනතාවගේ මහජන පොදු උපයෝගිතා සේවාවන් සෞඛ්‍ය , පොදු මංමාවත් සභා විහරණය සුභ සාධනය , යටිතල පහසුකම් යටතේ ජනතාවට උපරිම සේවයක් ලබා දීමට සභාවක් ලෙස සැදී පැහැදී සිටී . මෙම වෙබ් අඩවිය තුලින් බල ප්‍රදේශයේ ජනතාව ප්රමුඛව සමස්ථ ලංකාවාසී හා ලෝකයේ ඕනෑම රටක ජිවත් වන වැසියෙකුට මතුගම ප්‍රාදේශීය සභාවේ සියලුම තොරතුරු සංඛ්‍යා ලේඛණ, මාසික මහ සභා වාර්තා සියලු ව්‍යාපෘති පිළිබඳ විස්තර මේ තුලින් දන ගැනීමට හැකියාව උදා වී ඇත . දිනෙන් දින දියුණු වන ලෝකය එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති අතර සභාවේ වෙබ් අඩවිය හරහා තොරතුරු දැන ගැනීමේ පහසුකම ලබා ගන්නා ලෙස ජනතාව වෙත ඇරයුම් කරමි. ආපසු |
||