මතුගම ප්‍රාදේශීය සභාව
| ||
සභාපති
ගරු සභාපති ලේව්වන්දූව ලියනගේ මෙරිල් මුණසිංහ.
සභාපතිතුමාගේ පණිවිඩය
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන්නාවූද, බුදු සිරිපා පහස ලද සමනල කදු මුදුනේ දකුණු බෑවුම වූ ඉදිකටුපානේන් ඇරඔ ගලා බස්නා කළු ගංගාවේ සොදුරුතම ඉසව්ව ලෙසින් සැලකේන රයිගම් පුරවරය, පස්දුන් කෝරලය ලෙස හදුන්වන ,සී,ඩබ් ,ඩබ් කන්නන්ගර වැනි නිදහස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ යුග පුරුෂයන් ලක් මවට දායාද කළා වූ පුන්‍ය භූමියක ජීවත්වන නගරයේ පළමු පුරවැසියා ලේස මම ඔබ සැම මතුගම ප්‍රාදේශීය සභා වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමි.
දිනෙන් දින දියුණුවන ක්‍රීයාශීලී හා දැකුම්කළු නගරයක් වන මතුගමෙ නගරයේ ජනතාව වෙත සුහදශීලී සේවාවක් ලබාදීමට අපි බැදී සිටින්නෙමු. ඉතා සීග්‍රයෙන් දියුණුවන ලෝකයේ ජනතාවට කඩිනම් සුහදශීලී සේවාවක් ලබා දීම සදහා නව තොරතුරු තාක්ෂණ ක්‍රම භාවීතා කිරීම අත්‍යවශය බව අප සැමගේම මතයයි. මෙම වෙබ් අඩවිය මගිනි අප පුරවරයේ ජනතාවට තම නිවසේ සිටම මතුගම ප්‍රාදේශීය සභාව සමග සුහදව සහයෝගයේන් කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව මාගේ විශිවාසයයි, එම නිසා තොරතුරු තාක්ෂණයේ නිසි ප්රතිලාභ මතුගම ප්‍රදේශීය සභා වෙබ් අඩවිය මගින් අප පුරවරයේ ජනතාවට හිමිකර දීමට මා බලා පොරොත්තු වෙමි. ආපසු |
||