මතුගම ප්‍රාදේශීය සභාව
 
   
 
අන්තර්ජාලීය ප්‍රාදේශීය සභාව
    බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ නිරිත දිග කෙලෙවරෙහි පිහිටි මතුගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය උතුරින් මදුරාවල හා බුලත්සිංහල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද , නැගෙනහිරෙන් අගලවත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද බටහිරින් බේරුවල හා දොඩන්ගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද මායිම්ව පවතින අතර නිරිත දිග ප්‍රදේශය වලල්ලාවිට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද සීමා වේ.
කළුතර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 8.03%ක් වන මෙම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 105ක විශාලත්වයකින් යුක්ත වන අතර ග්‍රාම සේවා වසම් 57කි.
ප්‍රධාන වශයෙන් සිංහල ජාතීන් සහ දමිළ , මුස්ලිම් ජාතීන්ද බර්ගර් සහ මැලේ ජාතිකයන් සුළු වශයෙන්ද ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරයි.
බෝග වගාවට හිතකර පාරිසරික තත්වයකින් යුක්ත මෙම බල ප්‍රදේශයේ වී , රබර් , තේ , පොල් , එළවළු හා පලතුරු වගාව බහුලව දැකිය හැකිය.
පස්දුන් කෝරලයේ අග නගරය වන මතුගම සියළු පහසුකම් වලින් සමන්විත ප්‍රධාන නගරයකි.
අන්තර්ජාලීය මතුගම ප්‍රාදේශීය සභාව සේවාව මගින් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ප්‍රාදේශීය සභාවෙන් ඉටු වන කටයුතු ඔබට ඉටු කර ගැනීමට හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම් , ක්‍රීඩා පිටිය, ශ්‍රවනාගාරය, ප්‍රජා ශාලා, ආදාහනාගාරය , ගලි බවූසරය ආදිය මුදල් ගෙවා වෙන් කරවා ගැනීමටද , අන්තර්ජාලය හරහා සියලුම ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිලිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත . වීදි පහන්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් , සෞඛ්‍ය අංශය හා වෙනත් කරුණු සම්බන්ද පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ අතර යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අමතරව ප්‍රාදේශීය සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හදුන්වා දී ඇත.
උදාහරණයක් ලෙස වීදි රේඛා සහතිකයක් තමන් සිටින තැනට ගෙන්වා ගැනීම වැනි කටයුතු රාශියක් මෙමගින් සිදු කර ගැනීමට හැකියාව ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමට ප්‍රදේශ වාසීන්ට හැකියාව ඇත. මෙහිදී ඕනෑම බැංකු කාර්ඩ් පතකින් ගෙවීම් සිදු කර හැකි අතර ඔබ ගෙවීම් සිදු කිරීමේදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහාය ,එම නිසා එය වඩාත් විශ්වාසදායි ලෙස සිදු කල හැක. මෙම පද්ධතිය හරහා ප්‍රාදේශීය සභාවෙන් සිදුවන සමස්ත ක්‍රියාවලියෙන් 90% පමණ ප්‍රාදේශීය සභාවට නොපැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කර ගත හැකි වීමෙන් ප්‍රදේශ වාසීන්ට මෙන්ම ප්‍රාදේශීය සභාවෙන් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට උසස් සේවාවක් ලැබෙනු ඇත. ස්තුතියි !