බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේ නිරිත දිග කෙලෙවරෙහි පිහිටි මතුගම ප්රාදේශිය සභා බල ප්රදේශය උතුරින් මදුරාවල හා බුලත්සිංහල ප්රාදේශිය සභා බල ප්රදේශයෙන්ද , නැගෙනහිරෙන් අගලවත්ත ප්රාදේශිය සභා බල ප්රදේශයෙන්ද බටහිරින් බේරුවල හා දොඩන්ගොඩ ප්රාදේශිය සභා බල ප්රදේශයෙන්ද මායිම්ව පවතින අතර නිරිත දිග ප්රදේශය වලල්ලාවිට ප්රාදේශිය සභා බල ප්රදේශයෙන්ද සීමා වේ.
කළුතර දිස්ත්රික්කයේ මුළු භූමි ප්රමාණයෙන් 8.03%ක් වන මෙම ප්රාදේශිය සභා බල ප්රදේශය වර්ග කිලෝ මීටර් 105ක විශාලත්වයකින් යුක්ත වන අතර ග්රාම සේවා වසම් 57කි.
ප්රධාන වශයෙන් සිංහල ජාතීන් සහ දමිළ, මුස්ලිම් ජාතීන් ද බර්ගර් සහ මැලේ ජාතිකයන් සුළු වශයෙන්ද ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරයි.