මතුගම ප්‍රාදේශීය සභාව
| ||
සභා ඉතිහාසය හා සාමාන්‍ය තොරතුරු
සභා ඉතිහාසය
හොරවල ඉද්දගොඩ මතුගම ගම් කාර්ය සභාවේ පලමු සභාපතිවරයා වූයේ 1932 පත්වූ හෙන්රි ආර්නෝලිස් මුණසිංහ මහතාය ගම්සභා කාර්යාලය කටුගහහේනේ ඔහු පදිංචි වලව්වේ පිහිටා තිබුණි. අඛණ්ඩව වසර 15ක් ගම්සභාපති තනතුර හොබවල ලදී. ඉන්පසුව 1945 දී ඩී.පී.කොතලාවල මහතා පත්විය මූල්‍ය කටයුක්තකට මැදිවීම නිසා ඔහු 1949 දී තනතුරෙන් ඉවත් කරන ලදී ඉන්පසුව දයාසේන ටර්නෝලිස් පස්කුවල් මහතා පත්විය.1949 ජනවාරි මස මතුගම සුළු නගර සභාවක් බවට පත්විය.ඉන්පසුව හොරවල,ඉද්දගොඩ,මතුගම ගම් කාර්ය සභාවේ සභාපතිවරයා වශයෙන් 1950දී රත්නපාල තිරිමාන්න මහතා පත්විය.ඉන්පසුව සුගුණදාස අතුකෝරල මහතා පත්විය. එතුමා විසින් යටදොලවත්ත ගම්සභා ගොඩනැගිල්ල 1961දී මුල්ගල් තබන ලදී.1963දී ධර්මසිරි ජයසුමන මහතා පත්විය.1968දී ජයමන් කුඹලාතර මහතා සභාපති තනතුරට පත්විය.1971දී මෙම ගම් සභාව කොටස් 3කට වෙන්කර සභාපතිවරුන් තිදෙනෙකු යටතේ පාලන විය වැලිපැන්න ගම් සභාවේ සභාපත් ලෙස කොලින් සෙනෙවිරත්න මහතාත්,දොඩන්ගොඩ ගම් සභාවේ සභාපති ලෙස ජයමන් කුඹලාතර මහතාත් පත්විය.
1980 වර්ෂයේදි ගම්සභා ක්‍රමය අහෝසි වී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ඇති විය.දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයෙන් ඵලදායී සේවයක් සිදු නොවූ බැවින් හොරවල සහ වැලිපැන්න ගම් කාර්යසභා ප්‍රදේශ එකතු කර මතුගම ප්‍රාදේශිය සභාව ආරම්භ වී ඇත.
1987 අංක 15 දරණ දේශිය සභා පනත යටතේ 1988.01.01 දින මතුගම ප්‍රාදේශිය සභාව ආරම්භ කරන ලදී. එදා සිට මේ වන තෙක් පාලන යුගය පහත පරිදි දැක්විය හැකිය.
සිට දක්වා
1988.01.01 - 1988.09.28 - කේ. ලයනල් පෙරේරා මහතා - විශේෂ කොමසාරිස්
1988.09.29 - 1989.12.31 - එස්. ඉද්දගොඩ මහතා - පරිපාලන නිලධාරී
1990.01.01 - 1991.06.30 - කේ. ලයනල් පෙරේරා මහතා - විශේෂ කොමසාරිස්
1991.07.01 - 1993.05.28 - කේ.ඩබ්. කරුණාරත්න මහතා - සභාපති
1993.06.17 - 1997.01.27 - එල්.ආරියවර්ධන මහතා - සභාපති
1997.01.28 - 1997.04.17 - සිසිර ප්‍රියදර්ශන මහතා - බලයලත් නිලධාරී
1997.04.15 - 2001.05.30 - ඩී. නයනසිරි ජයසිංහ මහතා - සභාපති
2001.06.29 - 2002.04.15 - ශ්‍රියානන්ද තෙවරප්පෙරුම මහතා - සභාපති
2002.04.16 - 2004.07.30 - පාලිත තෙවරප්පෙරුම මහතා - සභාපති
2004.09.01 - 2006.04.19 - ආර්.ඒ.ඩී. ලලිත් රණසිංහ මහතා - සභාපති
2006.04.20 - 2011.01.06 - මෙරිල් මුණසිංහ මහතා - සභාපති
2011.01.07 - 2011.03.31 - සුජානි මහේෂා ද සිල්වා මහත්මිය - පාලන නිලධාරී
2011.04.01 - 2015.03.30 - එල්.ජී. ලියනආරච්චි මහතා - සභාපති
2015.03.31 - 2015.05.15 - ඩී.ආර්.එම්. ප්‍රියන්ත ජයසිංහ - සභාපති
2015.05.15 - 2018.03.26 - අසෝක රණසිංහ මහතා - බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී
2018.03.27 - 2023.03. 19 - මෙරිල් මුණසිංහ මහතා - සභාපති සාමාන්‍ය තොරතුරු
මධ්‍යම කදුකරයේ සිට පහත් වී එන කදු වැටියට සම්බන්ධ වන කදු වැටි කීපයකින් සමන්විත සංකීර්ණ භු විෂමතාවයක් දක්නට ලැබෙන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් ලෙස මතුගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සැලකේ. මතුගම ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම නිර්මාණය කිරිම සදහා සැලකිය යුතු මුලාශ්රමය සාධක නොපවති.අනුරාධපුර යුගයන්හි වගුරු බිම් වලින් යුක්ත වු මෙම ප්‍රදේශයන් වැසි වනාන්තර ආවරණයකින් හෙබි ජන ශුන්‍ය පෙදෙසක් වු බවට මහාවංශය සාක්ෂි දරයි.එසේ වුවත් බටහිර ජාතීන් මෙරටට පැමිණිමෙන් අනතුරුව සීග්‍ර ජන ව්‍යාප්තියක් මෙම ප්‍රදේශයන් හි ඇති වුයේ වැවිලි ආර්ථිකය හදුන්වා දීමත් සමගය. බ්‍රිතාන්‍ය යුගයේ ඇති වු සිරිකදුර,වෝගන් වතුයාය අදටත් මතුගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල වන ප්‍රධාන වතුයායන් වේ. |
||