මතුගම ප්‍රාදේශීය සභාව
| ||
අන්තර්ජාලීය ප්‍රාදේශීය සභාව
අන්තර්ජාලීය මතුගම ප්‍රාදේශීය සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මනින් හා පහසුවෙන් ප්‍රාදේශීය සභාවෙන් ඉටු වන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම් , ක්‍රීඩා පිටිය, ශ්‍රවනාගාරය, ප්‍රජා ශාලා, ආදාහනාගාරය , ගලි බවූසරය ආදිය මුදල් ගෙවා වෙන් කරවා ගැනීමටද , අන්තර්ජාලය හරහා සියලුම ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිලිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත . වීදි පහන්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් , සෞඛ්‍ය අංශය හා වෙනත් කරුණු සම්බන්ද පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ අතර යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අමතරව ප්‍රාදේශීය සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හදුන්වා දී ඇත. උදාහරණයක් ලෙස වීදි රේඛා සහතිකයක් තමන් සිටින තැනට ගෙන්වා ගැනීම වැනි කටයුතු රාශියක් මෙමගින් සිදු කර ගැනීමට හැකියාව ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමට ප්‍රදේශ වාසීන්ට හැකියාව ඇත. මෙහිදී ඕනෑම බැංකු කාර්ඩ් පතකින් ගෙවීම් සිදු කර හැකි අතර ඔබ ගෙවීම් සිදු කිරීමේදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහාය ,එම නිසා එය වඩාත් විශ්වාසදායි ලෙස සිදු කල හැක. මෙම පද්ධතිය හරහා ප්‍රාදේශීය සභාවෙන් සිදුවන සමස්ත ක්‍රියාවලියෙන් 90% පමණ ප්‍රාදේශීය සභාවට නොපැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කර ගත හැකි වීමෙන් ප්‍රදේශ වාසීන්ට මෙන්ම ප්‍රාදේශීය සභාවෙන් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට උසස් සේවාවක් ලැබෙනු ඇත. ස්තුතියි ! දැක්ම හා
මෙහෙවර
දැක්ම" තිරසාර සංවර්ධනය තුළින් මානව හිතවාදී දැකුම්කළු පුරවරයක් ". මෙහෙවරවර්ග කිලෝමීටර් 105 ක් පමණ වු මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ,සමාඡීය හා සංස්කෘතික සංවර්ධනය ඇති කිරීම සදහා අනුමත නෛතික රාමුව තුළ ක්‍රියාකරමින් ප්‍රදේශයේ සම්පත් උපරිමව හා කාර්යක්ෂමව හා ඵලදායීව යොදවා සහභාගිත්ව ප්‍රවේශය තුළින් ප්‍රදේශයේ මහඡන සෞඛ්‍ය, මහඡන උපයෝගීතා හා පොදු මංමාවත් පාලනය කිරීම හා පරිපාලනය කිරීමත් ජනතාවගේ සුඛවිහරණ පහසුකම් හා සුභසාධනයට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට දායකවීමෙන් හා කැපවීම තුළින් තිරසාර සංවර්ධනයක් ලගා කරගැනීම අපගේ ඒකායන පරමාර්ථයයි. |
||