Matugama Pradeshiya Sabha | Hall Reservation - Instructions

  • අයදුම්පත Instruction.

  • ගාස්තු
    අනු අංකය කාරණය වායු සමීකරණය රහිත ගාස්තුව රු. තැන්පත් වායු සමීකරණය සහිත රු.
    01.නාට්‍ය,සංගීත සංදර්ශන සඳහා හා ප්‍රදර්ශන වැඩමුළුව50,000.0020,000.00100,000.00
    02.සේල් සඳහා25,000.0020,000.00100,000.00
    03.අධ්‍යාපන සම්මන්ත්‍රණ /දේශන ටකට් රහිත(පුද්ගලික)15,000.0020,000.00100,000.00
    04.අධ්‍යාපන සම්මන්ත්‍රණ/දේශන/විවිධ ප්‍රසංග ටිකට් සහිත(රාජ්‍ය ආයතන/පෙර පාසල්)25,000.0020,000.00100,000.00
    05.අධ්‍යාපන සම්මන්ත්‍රණ/දේශන/විවිධ ප්‍රසංග ටිකට් රහිත(රාජ්‍ය ආයතන/පෙර පාසල්)10,000.0010,000.0050,000.00
    06.මංගල උත්සව සඳහා50,000.0020,000.00100,000.00
    07.දේශපාලන රැස්වීම් සඳහා25,000.0020,000.00100,000.00
    08.ශබ්ධ විකාශන යන්ත්‍ර20,000.00--
    09.ශ්‍රවණාගාරය මිදුල (වර්ග අඩියක ප්‍රමාණය දිනතට)10.00--
  1. ශ්‍රවණාගාරය ඉල්ලීමේ ලිපිය මගින් අදාළ ගාස්තු එකවර ගෙවා වෙන් කර ගත යුතුය.
  2. ප්‍රවේශපත් මුද්‍රණය කරන්නේනම්, ප්‍රවේශපත් මුද්‍රණය කරන ආයතනය විසින් මුද්‍රණය කරන ලද ටිකට්පත් ප්‍රමාණය සඳහන් කරමින් ලිපියක් සභාව වෙත ඉදිරිපත් කිරීම.
  3. සියළුම ප්‍රවේශපත් මුද්‍රා තැබීම සඳහා වැඩ කරන දින 03 කට පෙර උප ලේඛන සමඟ කාර්යාලයේ ආදායම් අංශය වෙත යොමු කළ යුතුය.
  4. ප්‍රවේශ පත්‍රවල මුළු වටිනාකමින් විනෝද බදු සඳහා 10% ක් ඇප තැන්පත් ලෙස මුදලින් තැන්පත් කර ලදුපතක් ලබා ගත යුතු අතර ප්‍රසංගය/සැණකෙළිය අවසානයේදී නිකුත් කළ ප්‍රවේශ පත්‍ර සඳහා සභාව විසින් විනෝද බදු අයකර ඉතිරි මුදලක් ඇත්නම් නිරවුල් කිරීමට පියවර ගත යුතුය.
  5. ශ්‍රවණාගාරය තුල හා පරිශ්‍රය තුල විෂ මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කිරීම තහනම් වේ.
  6. ශබ්ධ විකාශන පරිහරණය කිරීමේදී ඒ සම්බන්ධයෙන් වන නීති රීති අනුව කටයුතු කළ යුතුය.
  7. ප්‍රසංග/වැඩසටහන අවසානයේ ශ්‍රවණාගාරය තුල හා ශ්‍රවණාගාර පරිශ්‍රය පිරිසිදු කර සභාව වෙත භාරදිය යුතුය.
  8. ඔබ විසින් ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති අවශ්‍යතාවයට පමණක් ශ්‍රවණාගාරය වෙන් කළ යුතු බවට දන්වා සිටිමි.
  9. ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  10. ඇප තැන්පත් මුදල් ආපසු ලබා ගැනීම සඳහා වැඩසටහන අවසන් වූ පසුව ලදුපතෙහි මුල් පිටපත් සමග ඉල්ලීම් ලිපියක් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කලයුතු වේ. එසේ නොවුනහොත් ආරක්ෂක ඇප මුදල් දැනුම් දීමකින් තොරව මතුගම ප්‍රාදේශීය සභාව සතු වේ.
  11. ශ්‍රවණාගාරය වෙන් කරන දිනය නොවැලැක්විය හැකි හේතුවක් මත වෙනස් වුවහොත් එම දිනය අවලංගු කිරීම හෝ එම වර්ෂය තුළ වෙනත් දිනයක් ලබා ගැනීම සඳහා වෙන් කල දිනයට දින 10 කට පෙර ඉල්ලුම් කල යුතුය.
  12. ශ්‍රවණාගාරය පෙ.ව. 8.00 සිට වෙන් කරන අතර ශ්‍රවණාගාරය වෙන් කරනු ලබන දිනය අවලංගු කලහොත් ගෙවනු ලබන මුදල් වලින් තැන්පත් මුදල පමණක් ආපසු ගෙවනු ලැබේ.
  13. ශ්‍රවණාගාර වෙන් කිරීම් කාර්යාලයට පැමිණ වෙන් කිරීමේදී පමණක් සතියේ දිනවල වෙන් කිරීම් කල යුතු අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ශ්‍රවණාගාරය වෙන් කිරීම් සිදුකල හැකි නමුත් ඉන් පසුව එළඹෙණ රාජකාරී දිනයක අනුමැතිය ලබා දෙනු ලැබේ.
  14. ශ්‍රවණාගාරය වෙන් කරන ලද දිනයට අමතරව සැරසිලි සඳහා හෝ පෙරහුරු සඳහා අවශ්‍ය වන්නේනම් ඒ සඳහාද මුදල් ගෙවා දිනයක් වෙන් කර ගත යුතුය.
  15. ශ්‍රවණාගාරය වෙන් කල දිනය වෙනත් අයෙකුට පැවරීම් කිරීමට හැකියාවක් නොමැත.

ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ වෙමි. මෙහි සඳහන් නොවන කරුණක් සම්බන්ධයෙන් අවසාන තීරණය සභාපති / ලේඛම් සතු වන බව දැනුම් දෙමි.

ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් වලට එකඟ වෙමි.