“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය
"පුනරුදයේ පුරවර"පළාත් පාලන සතිය 2025 නිමිත්තෙන් 2025.09.20 දිනට යෙදුන අධ්‍යාපන හා පුස්තකාල දිනය වෙනුවෙන් ගරු සභාපතිතුමාගේ හා ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා අනුමැතියෙන් ප්‍රජා සංවර්ධන නිලධාරිතුමියගේ අධීක්ෂණයෙන් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුලන්ත මහතාගේ සම්බන්ධීකරණයෙන් උගුල්වැටිකන්ද ප්‍රජාශාලාවේ පැවති පුස්තකාල ජංගම සේවය ආරම්භ කිරීම,රසවින්ධනාත්මක වැඩසටහන හා සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන,ත්‍යාග බෙදාදීම ඉතා සාර්ථකව පැවැත්විණ.එම අවස්ථාවට දුලන්ත මන්ත්‍රීතුමා,පුස්තකාල උපදේශක කමිටු සාමජික ලේඛක මතුගම සෙනෙවිරුවන් මහතා,ගුරුදොල ග්‍රාමනිලධාරි විලේගොඩ මහතා,ප්‍රජා සංවර්ධන නිලධාරි ජයන්තා මිය,සංවර්ධන සහකාර සමරසිංහ මිය,පුස්තකාලයාධිපති ප්‍රියංගිකා මිය හා ඉරේෂා මෙනවියත් පුස්තකාල කාර්ය මණ්ඩලයත් සහභාගී විය.