“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය

ගරු සභාපති තුමන්ගේ " ලස්සන මතුගමක්" සංකල්පයට අරුතක් එක්කරමින් "පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය දෙවන දිනය 2025/09/15 පැවති අතර එහිදී මතුගම පෙත්තකන්ද විහාරස්තානයේ අයුරුවේද සායනයක් හා ආදායම් එකතුකිරීමේ ජංගම වැඩසටහනක් පැවැත්වූ අතර හොරවල නීග්රෝධාරාම විහාරස්තානය මූලික කරගනිමින් ආයුර්වේද වැඩසටහනක් සමගින් තෙල් බෙහෙත් ලබාදීම සිදුකරන ලදී... එමෙන්ම මීගම දේවගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි දේවගොඩ ශ්‍රී විජයාරාම විහාරස්තානය තුල බෝනොවන රෝග පිලිබද සායනයක්, ආයුරුවේද සායනයක්, ජංගම පුස්තකාල සේවාවන්, තොරතුරු සාක්ෂරතා වැඩසටහන්, නොමිලේ පුස්තකාල සාමාජිකත්වය ලබාදීම, ළමුන් සදහා නාට්‍යානුසාරයෙන් කතන්දර වැඩසටහන්, සහන මුදලට කොම්පොහොස්ට් පොහොර ලබාදීම, මාර්ග දෙපස එලිපෙහෙලි කිරීම යනාදී වැඩසටහන් රැසක් සිදුකරන ලදී..