“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය
ගරු සභාපති තුමන්ගේ " ලස්සන මතුගමක්" සංකල්පයට අරුතක් එක්කරමින් "පුණරුදයේ පුරවර" පලාත්පාලන සතිය 2025.09.15 දින සිට 2025.09.21 දක්වා පැවැත් වූ අතර 2025/09/15 දින එහි සමාරම්භය මෙසේ සිදු වූ වගයි. අද දින රාජ්‍ය ආයතන සියල්ල එක්රැස්වී ජනතාව වෙනුවෙන් සේවාවන් සැපයීම එක් ස්ථානයක සිට සිදුකරන ලදී.. එහිදී කුඩා දරුවන් වෙනුවෙන් දන්ත සායන, සියලුදෙනා වෙනුවෙන් ආයුරුවේද සායන සහ තෙල් බෙහෙත් ලබාදීම, පුස්තකාල සේවාවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලබන ඇතැම් සේවාවන් සිදුකරන ලදී. මෙහි සමාරම්භය සදහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන් ඇතුලු මන්ත්‍රී මණ්ඩලය ප්‍රමුඛ ලේකම් තුමිය, නිලධාරින් සහ සේවක මණ්ඩලය සභාගි විය.